අද මම කියලා දෙන්න යන එක හැබැයි වැදගත් වෙන්නේ තමන්ගෙම බ්ලොග් එකක් තියෙන අයට විතරයි.මුලින්ම කියන්න ඕන" Favicon "කියන වචනේ සිංහල තේරුම නම් මම දන්නේ නෑ.මෙන්න මේකට තමයි Favicon කියන්නේ.බලන්නකෝ.දැනට ඔයාලගේ තියෙන්නේ මෙන්න මේකනේ.


දැක්කා නේද? දැන්
Favicon කියන්නේ මොකේටද කියලා? ඔන්න ඔය කියන එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න ඕනෙ කියලා හිතෙනවනම් මේක කියවලා බලන්න.


මෙහෙමයි.මේකට බොහොම අමාරු විදිත් තියෙනවා.අපි ෆොටෝ එකක් හදලා ඒක .ico ෆයිල් එකක් කරලා ඒ ෆයිල් එක මොකක් හරි සයිට් එකකට අප්ලෝඩ් කරලා ඒ ලින්ක් එක අරගෙන වෙන ලින්ක් එකක් එක්ක සම්බන්ද කරලා අපේ බ්ලොග් ටෙම්ප්ලීට් එකේ HTML එකට පේස්ට් කරන එක.මේවා අමාරු වැඩ නම් නොවුනට මහ එපා වෙන වැඩනේ නේද?.මෙන්න එහෙනම් ලේසිම ක්‍රමය.

මම මේ හොයාගත්ත වෙබ් සයිට් එක ඇත්තටම අපේ බාසාවෙන් කිව්වොත් එලමකිරි වෙබ් සයිට් එකක්.මොකද එයාලා මේ මොනවත් කරන්න කිසිම මුදලක් අයකරනවා තියා අපිට මේ සයිට් එකේ ලියාපදිංචි වෙන්නවත් කියන්නේ නෑ.ඒකයි මම කිව්වේ එළමකිරි සයිට් එකක් කියලා.

දැන් මෙහෙමයි.මේකේ විදි දෙකක් තියෙනවා.

1)එකක් තමා ඔයලගේ පරිගණකයේ තියෙන පින්තූරයක් මේ සයිට් එකට අප්ලෝඩ් කරලා ඒක ඔයලගේ බ්ලොග් එකේ
Favicon එක විදිහට භාවිතා කිරීම.

2)අනිත් විදිහ තමා මේ සයිට් එකේ තියෙන එකක් අපේ බ්ලොග් එකේ
Favicon එක විදිහට භාවිතා කිරීම.(මේකෙත් ලස්සන ඒවා තියෙනවා)

මුලින්ම 1 කරන විදිහ කියල දෙන්නම්......

1)මුලින්ම මේ ලින්ක් එකට යන්න.

http://www.iconj.com/icon_generator.php

2)දැන් ඔයාලට ඕන පින්තූරේ මෙතනින් අප්ලෝඩ් කරන්න.



3)ඊට පස්සේ මෙහෙම එකක් එයි.මෙතනින් ඔය රතු පාටට රවුම් කරලා තියෙන එක කොපි කරගන්න.


4)දැන් ඔයාලගේ බ්ලොග් එකේ Layout-->Edit Html යන්න.

5)ඊට පස්සේ "/head "කියන තැන හොයාගෙන ඊට මෙහා පැත්තෙන් මෙන්න මේ විදියට පේස්ට් කරන්න.



6)සේව් කරලා ඉවරවුනාට පස්සේ බ්ලොග් එකට ගිහින් බලන්න වෙනස් වෙලාද කියලා.

දැන් කියලා දෙන්නේ 2 වෙනි ක්‍රමය......

1)මුලින්ම මේ ලින්ක් එකට යන්න.
http://www.iconj.com/animated_favicon.php
2)ඔතනින් ඔයාලට කැමති Favicon එකක් තෝරගෙන ඒ Favicon එක උඩ ක්ලික් කරන්න.

3)එතකොට මෙන්න මේ වගේ එකක් එයි.


4)මේකේ රතු පාටින් රවුම් කරලා තියෙන කෝඩ් එක කොපි කරගන්න.

5)දැන් ඉතින් ඉස්සෙල්ලා වගේමයි.1 වැනි ක්‍රමේදී මම කියලා දුන්නු විදිහටම දැනුත් 1 ක්‍රමේ තියෙන 4 සහ 5 පියවරවල්ම අනුගමනය කරන්න.

6)
සේව් කරලා ඉවරවුනාට පස්සේ බ්ලොග් එකට ගිහින් බලන්න වෙනස් වෙලාද කියලා.

දැන් ලෝකේ තියෙන දහස් ගනන් බ්ලොග් අතරේ ඔයාගේ බ්ලොග් එක තරමක විශේෂ බ්ලොග් එකක්.වැඩේ හරියට කරගන්න.මගේ සුභ පැතුම්.

Note-මේ සයිට් එකටත් ගිහින් බලන්න.මේකෙනුත් හොඳ
හොඳ සෙල්ලම් දාන්න පුළුවන්.
http://www.favicon.cc

කොහොමද වැඩේ? ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් ලැබුන නම් කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.ප්‍රශ්න තියෙන වනම් ඒවත් දාන්න.මම පුලුවන් විදිහකට උත්තර දෙන්නම්.